Gossips

අලූත් අවුරුද්දට කෙසෙල් මිල ඉහළට?

සිංහල අලූත් අවුරුදු සමය තුළ කෙසෙල් මිල ඉහළ යනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ කෙසෙල් ගස්වලට හානි සිදුවීම හේතුවෙන් ඵලදාව අඩුවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ වනවිට වෙළඳපොලේ කෝලිකුට්ටු කිලෝවක මිල රුපියල් 120 ත් 150 ත් අතර අගයක පවතිනවා.
උත්සව සමයේදී කෝලිකුට්ටු කිලෝවක් රුපියල් 200 දක්වා මිලකට අලෙවි විය හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ.