Gossips

දෙහිවල නැදිමාලේදී හෙරොයින් අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

දෙහිවල – නැදිමාල – සමන් මාවත ප්‍රදේශයේදී හෙරොයින් අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයාගේ බිරිඳ විසින් මෙම හෙරොයින් තමන්ට ලබාදුන් බවයි.
කළක සිට මෙලෙස ඇයගෙන් මෙලෙස හෙරොයින් ලබාගෙන අලෙවි කරන බවට ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 33 ක් තිබී ඇති බව සඳහන්.
මොහු 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්දන අංශය සඳහන් කළේ.