Gossips

කතරගම පූජා භූමියට වාහන ඇතුලූ කිරීමට එරෙහිව හර්තාල්

කතරගම පුදබිම තුල වසර 04ක කාලයක් පුරා සිදුවන විවිධ අක්‍රමිකතා වැලැක්වීමට වගකිව යුත්තන් පියවර ගෙන නොමැති බව පවසමින් කතරගම ඒකාබද්ධ වෙලද සංගමය සහ ප්‍රදේශවාසීන් අද හර්තාල් ව්‍යාපාරයක ආරම්භ කරනු ලැබුවා.
කඩ වසා නගරය පුරා කළු කොඩි ඔසවා ව්‍යාපාරිකයන් මෙම විරෝධය දක්වන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
කතරගම පුදබිමට සති අන්ත නිවාඩු දිනයන්හිදි අධික ලෙස රථ වාහන පැමිණෙන අතර ඒවා පූජා භූමියේ තැනින් තැන නවතා තැබීමද විශාල ගැටළුවක් බවත් එලෙස පැමිණෙන වාහන හිමිකරුවන් මත්පැන් භාවිතා කිරීම හේතුවෙන් ගැටළු රැසක් මතු වී ඇති බවත් කතරගම ඒකාබද්ධ වෙළඳ සංගමයේ ලේකම් නන්දසේන කලපුගේ ප්‍රකාශ කළා.
මේ අතර රජය විසින් පනවා ඇති කාබන් බද්ද වහා ඉවත් කරන ලෙසට බලකරමින් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය අද පෙරවරුවේ විරෝධතා රථ පෙළපාලියක නිරත වුණා.
ඔවුන් කළු කොඩි ඔසවා විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් ඇල්පිටිය නගර මධ්‍යයේ සිට කුරුදුගහ හැතැප්ම දක්වා රථ පෙලපාලියකින් පැමිණ විරෝධතාවයේ නිරත වුණා.
එමෙන්ම කාබන් බද්දට එරෙහිව දකුණු පළාත් පාසල් සේවා බස් රථ සංගමය ද කළු කොඩි ඔසවමින් ඊයේ විරෝධතා රථ පෙලපාලියක නිරත වුණා.