Gossips

බලංගොඩ – මහවලතැන්න නිවසකින් ගෙළ වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන මවකගේ සහ පුතෙකුගේ සිරුරු හමුවෙයි

බලංගොඩ – කපුවත්ත – මහවලතැන්න ප්‍රදේශයේ නිවසකින් ගෙළ වැළලාගත් බවට සැක කෙරෙන 26 හැවිරිදි මවකගේ සහ 5 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරුරු පොලීසිය සොයාගෙන තිබෙනවා.
බලංගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද රාත්‍රියේ මෙම මළ සිරුරු සොයාගත් බවයි.
පොලිසිය සඳහන් කළේ මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා අද රාත්‍රියේ නිවසේ සිට නොමැති අතර, ඔහුගේ මව විසින් පළමුව මෙම මළ සිරුරු දැක ඇති බවයි.
මේ අතර පානදුර – ගාලූපාර ප්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක් තුළ සැකකටයුතු අයුරින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වරාපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.