Gossips

Update : පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යාමට තැත් කර ඇති බවට හෙළිවේ – තවත් 3 ක් CID භාරයට

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබූ පාතාල නායක මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යෑමට උත්සාහ කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඔහු අද උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ප්ලයි ඩුබායි ගුවන් සේවයේ එල් ඉසෙඞ් 547 දරණ යානයෙන් කටුනායකට පැමිණී බවයි.
මොහු මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදීයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන ඇත්තේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මොහුත් සමඟ ඩුබායි සිට පිටුවහල් කළ තවත් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවයි.
පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී මධුෂ් සහ කංජිපානි ඉම්රාන්, මෙන්ම පාතාල නායකයින් කිහිපදෙනෙකුම මෙහිදී අත්අඩංගුවට පත්වුණා.
rn rnUpdate : Thursday, March 28, 2019 20.16
—————————————————-rn
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල නායක කංජිපානි ඉම්රාන් පිටුවහල් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඔහු අද උදෑසන කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවයි.
ඔහු කටුනායකට පැමිණීමෙන් අනතුරුව මාලදිවයින බලා යාමට සැලසුම් සකස් කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව ගුවන්තොටුපොළේදී සිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී මධුෂ් සහ කංජිපානි ඉම්රාන්, මෙන්ම පාතාල නායකයින් කිහිපදෙනෙකුම මෙහිදී අත්අඩංගුවට පත්වුණා.
මේ අතර ඩුබායි අත්අඩංගුවේ සිට නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කළ ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මොහුව අත්අඩංගුවට ගත් බවයි.
පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සාදයකට සහභාගිවී සිටියදී ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුනු ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ මෙම බන්ධනාගාර නියාමකවරයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසුව ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණියා.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රශ්න කිරීම්වලට ඔවුන් ලක්වූ අතර, නදීමාල් පෙරේරා පැය 8 ක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පස්වරු 3 ට පමණ මුදාහැර තිබුණා.
කෙසේ වෙතත් මෙම බන්ධනාගාර නිලධාරියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ පස්වරුවේ භාරදීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගැනුනේ.
කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුලූ පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඔහු සම්බන්ධ බවට ලැබී ඇති තොරතුරු හේතුවෙන් ඊයේ මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබුණා.