Gossips

ත්‍රස්තවාදය සහ අන්තවාදය දිරිගැන්වීම ෆේස්බුක් තහනම් කරයි

ත්‍රස්තවාදය සහ අන්තවාදය දිරිගන්වන කිසිදු ආකාරයක ප්‍රකාශනයක් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා නොදීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී එවැනි යම් ප්‍රකාශනයක් ෆේස්බුක් වෙත ඇතුලත් කිරීමට කිසිවෙකු හෝ උත්සහ කළහොත් ඒ සඳහා අවස්ථාවක් නොලැබෙනු ඇති.
ෆේස්බුක් සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා සිදුවූ නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේදී සිය ප්‍රහාරය සජීවි ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට ප්‍රහාරකයා කටයුතු කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්.