Gossips

දොඩන්දූව රත් කළ දරුණු අනතුර මෙන්න

update :- දොඩන්දූව දුම්රිය අනතුරින් අයෙක් මරුට
දොඩන්දූව පාළම ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු මියගොස් තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ 04 දෙනෙකු, කරාපිටිය රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ අතර අනතුර හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා ඇතිව තිබෙන බව වාර්තාවනවා.
8:27 PM ,Wednesday, March 27, 2019
……………………………………….
දුම්රිය අනතුරකින් හතර දෙනෙකු රෝහලේ
දොඩන්දූව පාළම ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ 04 දෙනෙකු, කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.