Gossips

විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

විදේශ විනිමය පනත සංශෝධනය කර යාවත්කාලීන කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
රට තුළ ඵලදායක විදේශ විනිමය කළමනාකරණයක් පවත්වා ගැනීම සදහා මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම ශක්තිමත් කිරීම මෙහි එක් අරමුණක්.
එමෙන්ම, ඒ පිළිබදව වන නියාමන කාර්යයන් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වන රෙගුලාසි නිකුත් කිරීම යනාදිය සදහා විධි විධාන ඇතුළත් කරමින් මෙම විදේශ විනිමය පනත සංශෝධනය කෙරෙනු ඇති.
මීට අදාළ යෝජනාව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ (26) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා.