Gossips

හම්බන්තොට පිරිපහදු ව්‍යාපෘතියේ මුදල් විශුද්ධිකරණ අවදානමක්

හම්බන්තොට – මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් පවතින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය මූල්‍ය කාර්ය සාධක බලකායේ මුදල් විශුද්ධිකරණයට අරමුදල් සපයන අළු ලේඛනයෙන් බැහැරවීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට ඍණාත්මක බලපෑමක් ඇති කරන බවයි.
ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන ආයෝජනය සිදුකරන සිංගප්පූරුවේ පිහිටි සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගමේ පාලනය දූෂණ චෝදනාවලට ලක්වූ ඉන්දීය අමාත්‍යවරයෙකුගේ හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ බවද එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්.