Gossips

අරුණි බබා සහ තෙල් චූටි, හෙරොයින් සමඟ අත්අඩංගුවට

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටින මට්ටක්කුලිය කුඩු රොෂාන් නැමැත්තාගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමගින් මට්ටක්කලියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කුඩු රොෂාන්ගේ බිරිඳ වන විජේසිංහ ආරච්චිගේ නිරෝෂනී හෙවත් 30 හැවිරිදි ‘අරුණි බබා’ සහ සාලින්ද ධර්මසිරි හෙවත් 46 හැවිරිදි ‘තෙල් චූටි’ යන යන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කුඩු රොෂාන් බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙය වන අතර, මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුකරනු ලබන්නේ ඔහුගේ බිරිද වන අරුණි බබා විසින්.
අත්අඩංගුවට ගත් අරුණි බබාට සහ තෙල් චූටිට අයත් බව කියන රාගම සහ කඩවත යන ප්‍රදේශවල කුලී නිවාස දෙකක් පිළිබඳ ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
එම නිවාස පොලිස් විශේෂ බලකාය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී තෙල් චූටිට අයත් බව කියන නිවසක තිබී හෙරොයින්, අයිස් යන මත්ද්‍රව්‍ය මෙන්ම මුදලින් රුපියල් ලක්ෂ 7 කට අධික මුදලක් ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම අරුණි බබා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 10 ක් ද සොයාගෙන තිබෙනවා.rn