Gossips

ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවේ

නීතිවිරෝධි ලෙස මසුන් මරමින් සිටි ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්පිටිය – එරුමතිව් මුහුදු ප්‍රදේශයේ ඊයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 සහ 37 අතර වයස්වල පසුවන පුද්ගලයින් තුන්දෙනෙකු වන අතර ඔවුන් සන්තකයේ තිබී පිටත දහන යන්ත්‍රයක්, ඔක්සිජන් සිලින්ඩර් 10 ක් සහ කිමිඳුම් උපකරණ ද සොයා ගැණුනා.
මේ අතර, ත්‍රිකුණාමලය – මොහොත්තුවාරන් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 80 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
ඊයේ මෙම මසුන් තොගය කැබ් රථයක් මගින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබීදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.