Gossips

Update : කුරුමිණියාගල කඳු රක්ෂිතයේ ගින්න තවදුරටත් පැතිරේ

වැල්ලවාය – කුරුමිණියාගල කඳු රක්ෂිතයේ හට ගත් ගින්න මේ වනවිට අක්කර 500 ක් පමණ ව්‍යාප්ත වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට අසීරු වන බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, වැල්ලවාය පොලීසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.

—————————————————–
Update :Thursday, March 1, 2018 ,1:36 PM
වැල්ලවාය – කුරුමිණියාගල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ සිට හටගත් ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වනවා.
ගින්න මේ වනවිටත් පැතිරෙමින් පවතින අතර එය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මෙම රක්ෂිතය තුළ දේශීය ඖෂධ පැලෑටි වන අරළු, බුළු, නෙල්ලි, පාවට්ටා සහ එරමුසු ඇතුළු ශාක රැසක් පවතින අතර ශ්‍රී ලංකාවට ආවේනික වන සතුන්, කෘමීන් සහ පක්ෂීන් රැසක් ද ජීවත් වන බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

(ඡායාරූප – වැල්ලවාය යු.පි.එස් බණ්ඩාර )