Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගේ පෙත්සමක් මැයි හය කැඳවයි

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධියට අදාළ නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විභාගයට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාග කිරීම මැයි 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
මෙම කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ නීතිපතිවරයා විසින්.
එමෙන්ම විශේෂ මහාධිකරණය හමුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගියදා ගොනුකළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙසද අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.