Gossips

හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දෙමටගොඩ විද්‍යාලංකාර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඊයේ (28) සිදුකළ වැටලීමකදියි.
ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
මොවුන් මට්ටක්කුලිය සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.