Gossips

පියල් නිශාන්ත කළු සාටකයකින් පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූදානම් කරදුන් කරුණු, 40 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී විදේශ අමාත්‍ය තිලක් මාරපන ඉදිරිපත් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.
ඒ වෙනුවට රටට හිතකර යෝජනා විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ බවයි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අද එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
විවාදයේ 11 වන දිනය වන අද දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.
එහිදී වැඩි අවධානයක් යොමු වූයේ පසුගිය ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පිළිබඳවයි.
මේ අතර, බේරුවල කලාපයේ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටී ඇතැයි චෝදනා කරමින් ඊට විරෝධය දැක්වීම සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අද කළු පැහැති සාටකයක් පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි බව හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළා.