Gossips

ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක්ද ඇතුළත් නෞකාවක් ඕස්ට්‍රේලියාව රඳවාගනී

ශ්‍රී ලංකාව සහ පිලිපීනයේ කාර්ය මණ්ඩලය රැගත් ජර්මනියට අයත් ඇනා එලිසබෙත් නැමති නෞකාව ඕස්ට්‍රේලියාවෙන් පිටවීම වළක්වා තිබෙනවා.
ඒ, තමන්ට නිසි ආහාර සහ පහසුකම් සපයා නොමැති බවට අදාළ කාර්ය මණ්ඩලය ඕස්ට්‍රේලියානු බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි.
අදාළ නෞකාව මේ වනවිට දකුණු ඕස්ට්‍රේලියාවේ කෙම්ලා වරායේ රඳවා ඇති බවද සඳහන්.
17 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය ඕස්ට්‍රේලියානු බලධාරින්ට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ නැව ගමන් කරන ඉදිරි දින 14 සඳහා ආහාර ඇතුලු ප්‍රමාණවත් පහසුකම් සපයා නොමැති බවටයි.