Gossips

අක්මීමන ගින්නකින් වෙළඳසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙයි

අක්මීමන – කුරුඳුවත්ත – ඉසිවර පෙදෙසේ පිහිටි දෙමහල් වෙළඳ සංකීර්ණයක හටගත් ගින්නකින් පොත් අලෙවිසැලක් සහ පාවහන් අලෙවිසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
අද (26) අලුයම හටගත් ගින්න පොලීසිය සහ ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මැදිහත්ව මැඩපවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම වෙළඳ සංකීර්ණයේ බිම් මහලේ පිහිටි පොත් අලෙවිසැල තුළ ගින්න හටගෙන ඇති අතර, එය යාබදව පිහිටි පාවහන් අලෙවිසැලටද පැතිර ගොස් තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිදුව ඇති අලාභය ද මෙතෙක් තක්සේරු කර නැහැ.