Gossips

ටී 56 ජීව උණ්ඩ තොගයක් හිඳෝගමින් හමුවෙයි

අනුරාධපුර – හිඳෝගම ප්‍රදේශයේ කුඹුක් ගසක් මුල සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
එම උණ්ඩ කිසියම් අපරාධ කල්ලියක් විසින් සඟවා තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ සොයාගත් මේවා අතර ටී – 56 ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 100ක් පමණ තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.