Gossips

විදුලි කප්පාදුවට හේතුව, පාපකර්මයක් – විෂය භාර ඇමති කියයි

මේ වන විට විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ මීට පෙර සිදුකර ඇති පාප කර්මයක් නිසා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2014 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ ඉල්ලූමට සරිලන ආකාරයට විදුලිබල ජනනය සංවර්ධනය කර නොමැති බවයි.
මේ අතර, දැනට ක්‍රියාත්මක දිනකට පැය 4ක විදුලි කප්පාදුව හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
හිරු වාර්තාකරුවන් සඳහන් කළේ විශේෂයෙන් වෙළදසැල් හිමියන්ට විදුලි කප්පාදුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.
මේ හේතුවෙන් ශීතකරණ ආශ්‍රිතව ගබඩා කර ඇති ආහාර ඉවතට දැමීමට ද වෙළදසැල් හිමියන්ට සිදුව ඇති බව සඳහන්.
මේ අතර, මැයි මස අවසන් වීමට පෙර ප්‍රමාණවත් පරිදි වැසි නොලැබුණහොත් විදුලිය කප්පාදු කිරීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමේ අවදානමක් මතුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.