Gossips

ජිනිවා මෙහෙයුම ගැන, විදේශ ඇමතිට, මන්ත්‍රී අමුණුගමගෙන් තුති

40 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී තමන් ඇතුළු පිරිස නියෝජනය කළ දූත කණ්ඩායමට ශ්‍රී ලංකාව පිළිබඳ ස්වාධීනව අදහස් දැක්වීමට හැකිවීම ගැන විදේශ අමාත්‍ය තිලක් මාරපනට ස්තූතිය පුද කරන බව එම දූත මණ්ඩලය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළා.
ඒ, 2019 අයවැය කාරක සභා විවාදයට අද එක්වෙමින්.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට ව්‍යවස්ථාවේ ආධිපත්‍යය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට යොමු කළ බවයි.
එමෙන්ම මානව හිමිකම් කොමසාරිස්වරිය දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම එහිදී කියා සිටියා.
විවාදයේ 11 වන දිනය වන අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.
මේ අතර, බේරුවල කලාපයේ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටී ඇතැයි චෝදනා කරමින් ඊට විරෝධය දැක්වීම සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අද කළු පටියක් පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි බව හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළා.