Gossips

ඊයේ රෑ IPL පිටිය උණුසුම් කළ අශ්වින්ගේ දවාලීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උණුසුම් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ රවිචන්ද්‍රන් අශ්වින් ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවෙකු අසම්මත ආකාරයෙන් දුවද්දී දැවී යාමට හසු කිරීම ක්‍රිකට් ලෝකයේ සංවාදයකට මුල් වී තිබෙනවා.
අශ්වින් නියෝජනය කරන පන්ජාබ් කණ්ඩායම මෙම තරඟයෙන් ලකුණු 14ක ජයක් අත් කර ගත් අතර, ප්‍රතිවාදී රාජස්ථාන් රෝයල්ස් පිළේ ජොස් බට්ලර් ඔහු දවාලූයේ පන්දුව යැවීමට සැරසී, පන්දුවට පහර නොදෙන අන්තයේ කඩුල්ල බිඳ දැමීමෙන්.
එහිදී ක්‍රීඩකයන් දෙදෙනා අතර වචන හුවමාරුවක් ද සිදුවූ අයුරු දක්නට ලැබුණා.
එය ක්‍රිකට් නීතිය අනුව කළ හැකි වුවත් ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි බව ඇතැමුන්ගේ මතය වී තිබෙනවා.