Gossips

චීනය එයාර් බස් යානා 300ක් මිලදී ගනී

ඇමරිකානු ඩොලර් බිලියන 34ක් පමණ වටිනා එයාර් බස් වර්ගයේ ගුවන් යානා 300කට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට චීනය එකඟ වී තිබෙනවා.
ප්‍රංශයේ ක්‍රියාත්මක යුරෝපීය එයාර් බස් සමාගමෙන් අදාළ ගුවන් යානා මිලදී ගැනීමට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී චීන ජනාධිපති ෂී – ජින්පින් එකඟ වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ – 320 සහ ඒ – 350 වර්ගයේ එයාර් බස් යානා විශාල සංඛ්‍යාවක් මෙලෙස චීනය මිලදී ගනු ලබන්නේ ඇමරිකානු බෝයිං 737 මැක්ස් යානා සියල්ල අනතුරු කිහිපයකින් පසු බිම්ගත කිරීමට පියවර ගෙන තිබියදියි.
විශාල ප්‍රමාණයේ මගී ගුවන් යානා සඳහා යුරෝපීය එයාර් බස් යානා සහ ඇමරිකානු බෝයිං යානා අතර පවතින්නේ අඛණ්ඩ තරඟයක්.