Gossips

Update – හෙද වර්ජනය ඇරඹේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් මේ වන විට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
අද (26) උදෑසන 7ට මෙය ආරම්භ කළ අතර, එය දින 2ක කාලයක් පුරා ක්‍රියාත්මකයි.
හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව පවසමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.
Update : – Tuesday, March 26, 2019, 7.42AM
——————————————————
අද සිට දින දෙකක් හෙද, හෙදියන් ලෙඩ වෙයි
අද උදෑසන 7 සිට දින දෙකක කාලයක් හෙද, හෙදියන් දිවයින පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නියමිත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි වෙනසක් නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව පවසමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.