Gossips

අලුත්වැඩියාවක් හේතුවෙන් කඩුවෙල – බියගම මාර්ගය රාත්‍රියේ වසයි

කඩුවෙල පාලමේ අලූත්වැඩියාවක් හේතුවෙන් කඩුවෙල – බියගම මාර්ගය, රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.
ඒ අනුව අද සිට 29 වන දා දක්වා සෑම දිනකම අදාළ කාලය තුළ මෙලෙස එම මාර්ගය වසා තැබෙනු ඇති.
එබැවින් විකල්ප මාර්ගයක් ලෙස අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යොදා ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.