Gossips

අද සිට දින දෙකක් හෙද, හෙදියන් ලෙඩ වෙයි

අද උදෑසන 7 සිට දින දෙකක කාලයක් හෙද, හෙදියන් දිවයින පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නියමිත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි වෙනසක් නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව පවසමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.