Gossips

සුන්දරාපොළ කුණු කන්ද තවමත් ගිනි ගනී

කුරුණෑගල – යන්තම්පලාව – සුන්දරාපොළ කුණු කන්ද තවමත් විටින් විට ගිනි ගනිමින් පවතින බවට වාර්තා වනවා.
දින 5ක් පුරා අදාළ කුණු කන්ද ගිනි ගනිමින් පවතින අතර එය නිවා දැමීම සඳහා නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ යොදවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ගිනි ගැනීමත් සමඟ කුණු කන්ද තුළින් දුමාරයක් ද පරිසරයට නිකුත් වන බව හිරු වාර්තාකරු කියා සිටියා.
එම කුණු කන්ද කුරුණෑගල නගර සභාවට අයත් වන අතර, මේ වනවිට එම ගින්න නිවා දැමීමට බලධාරීන් පියවර ගනිමින් සිටින බවයි කුරුණෑගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.