Gossips

හෙද වර්ජනය ඇරඹේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් මේ වන විට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන 7ට මෙය ආරම්භ කළ අතර, එය දින 2ක කාලයක් පුරා ක්‍රියාත්මකයි.
හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව පවසමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.