Gossips

ටෙලි නාට්‍ය රූගත කිරීමක් අතරතුර ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරාට හරකෙකුගෙන් ප්‍රහාරයක්

සංවේදී හදවත් අවදිකරන "සසර සෙවණැලි" ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාව සෑම පොහෝ දිනකම හිරු ටීවී තුළින් විකාශය වනවා.
සෑම පොහෝ දිනකම හිරු ටී.වී තුළින් විකාශය වන "සසර සෙවණැලි" ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාවේ රූගත කිරීමක් අතරතුර ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරාට හරකෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම අනතුර සිදු වී ඇත්තේ පසුගියදා විකාශනය වුණු "සසර සෙවණැලි" පොහෝදින ටෙලිනාටයේ රූගත කිරීම් කටයුතු සිදු කරන අවස්ථාවේදියි.
ටෙලි නාටයේ එක් අංගයක් වන ගොන් බැඳි කරත්තයක් සමඟ කළ රංගනකදී හරකා දක්කවීමට මහේන්ද්‍ර පෙරේරා උත්සහ ගැනීමේදී හරකාගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අනතුරින් ඔහුගේ පාදයේ දණහිසට පහළ කොටස තුවාල ලබා ඇති අතර ඔහු එදිනම ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් ඔහුට උපදෙස් ලබාදුන්නේ දින ගණනාවක් විවේක ගන්නා ලෙසයි. නමුත් මහේන්ද්‍ර පෙරේරා කලාවට සහ සිය වෘත්තියට ඇති කැපවීම සහ ආදරය නිසාම ඔහු අනතුර සිදු වූ දිනට පසුදිනද තම අපහසුතාවය ගැනවත් නොසිතා රංගන කටයුතු සඳහා සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
මහේන්ද්‍ර පෙරේරා හරකාගෙන් පහරකෑමට ලක්වන අයුරු දැක්වෙන වීඩීයෝව.

ඔහු රංගනයෙන් දායක වුණු "සසර සෙවණැලි" පොහෝදින නාට්‍ය පහතින්.