Gossips

විදුලිය කැපෙන ප්‍රදේශ ප්‍රකාශයට පත් කෙරේ – දවස් 9යි – විෂය භාර ඇමතිගෙන් පොරොන්දුවක්

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ අදාළ ප්‍රදේශ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදුලිබල අමාත්‍යාංශය විසින් අද දහවල් එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
එමෙන්ම, විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේ නම්, ඒ පිළිබදව විමසීම සඳහා ද ඒ ඒ ප්‍රදේශවලට විශේෂිත දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, නිශ්චිත කාලසටහනක් නොමැතිව මෙතෙක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ජනතාව අපහසුතාවන්ට පත්වුණා.
වියළි කාලගුණ තත්ත්වය හමුවේ අධික විදුලිය ඉල්ලූමක් පැවතීම හේතුවෙන් සියළුම ප්‍රදේශවලට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන ලෙසයි විදුලි ඉංජිනේරු සංගමය විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ට දැනුම්දී තිබුණේ.
මේ අතර දැනුම්දීමකින් තොරව සිදු කෙරෙන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් තොරතුරු ලබාගෙන ඉදිරි පියවර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මේ දිනවල ක්‍රියාත්මක විදුලිය අත්හිටුවීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා තම අනුමැතිය ලබාගෙන නොමැති බවයි එම කොමිසම සඳහන් කළේ.
පසුගිය 18 වනදා සිට නොදන්වා විදුලිය විසන්ධි කෙරෙනු අතර එලෙස විදුලිය අත්හිටවූ ප්‍රදේශ දිනය, වේලාව, කාලසීමාව, නම, ලිපිනයද සමඟින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත ලබාදෙන ලෙස එම කොමිසම දැනුම් දෙනවා.
මේ අතර, විදුලි කප්පාදුව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ප්‍රථම වරට අදහස් පළ කළා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් විෂය භාර අමාත්‍ය රවී කරුණානායක සදහන් කළේ මෙම විදුලි කප්පාදුව උපරිම දින 9ක් වැනි කාලයක් ක්‍රියාත්මක වනු ඇති බවයි.
විදුලි බල අමාත්‍යාංශය විසින් නිකුත්කළ එම සම්පූර්ණ කාලසටහන පහතින්.