Gossips

විපක්ෂයේ ජනපති අපේක්ෂකයා සූදානම් – මන්ත්‍රී රංජිත් සොයිසා කියයි

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් පසු ජනාධිපතිවරණයට තරඟ කරන ලකුණ, ප්‍රශ්නයක් නොවුණ ද සියළු ජන කොටස්වල ප්‍රසාදය දිනා ගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කෙරෙන විපක්ෂයේ අපේක්ෂකයා මේ වන විට සූදානම් කර අවසන් බවයි.