Gossips

හෙට සහ අනිද්දා නුවරඑළියට මල්තුහින

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට සහ අනිද්දා උදෑසන කාලයේ මල් තුහින ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.