Gossips

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය හෙට ඇරඹේ

2015 – 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය හෙට ආරම්භ වනවා.
ඒ අනුව මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් හෙට උදෑසන 9ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වන රෝහණ ද සිල්වාට මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බව සඳහන්.
එමෙන්ම මෙම සතිය තුළ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙරටට කිරි ගවයින් ගෙන්වීමේදී සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.