Gossips

updade : දකුණු මුහුදේ නෞකාවකින් හමුවු හෙරොයින් පකිස්ථානයෙන් ගෙන්වු බවට හෙළිවෙයි

කෝටි 100 කට වැඩි හෙරොයින් සමඟ ඉරාන නෞකාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට – කෝටි 500 ක හෙරොයින් මුහුදට දැමූ බවටත් තොරතුරු
රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් ඉරාන නෞකාව මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතිනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ අද පස්වරුව වනවිට එම යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන එනු ඇති බවයි.
නෞකාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ තවත් කෝටි 500 ක පමණ හෙරොයින් මත්කුඩු තොගයක් සැකකරුවන් විසින් මුහුදට දමා ඇති බවටද තොරතුරු ලැබී ඇති බවයි වාර්තාවන්නේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ මෙම මත්කුඩු රැගත් ඉරාන නෞකාව පාකිස්ථානයේ සිට යාත්‍රා කළ බවට අනාවරණ වී ඇති බවයි.
බුද්ධි අංශ තොරතුරකට අනුව මෙම ඉරාන නෞකාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කරනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව ඒකාබද්ධවයි.
ඊයේ රාත්‍රියේ වැටලීම් යාත්‍රා නෞකාව ආසන්නයට යන විට නෞකාව තුළ සිටි පිරිස හෙරොයින් තොගයෙන් කොටසක් මුහුදට දමා තිබෙනවා.
නෞකාව අත්අඩංගුවට ගැනීමෙන් පසු එය තුළ සිටි සැකකරුවන් පලායාමට උත්සාහ කළද ඔවුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බව සඳහන්.
ඉරාන ජාතිකයන් 9 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය පවසන්නේ එම ඉරාන ජාතිකයන් ජාත්‍යන්තර මත්කුඩු සැපයුම්කරුවන් බවට හෙළිවී ඇති බවයි.
එමෙන්ම දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් මෙරටට හෙරොයින් ප්‍රවාහනය කර ඇත්තේ මෙම නෞකාව මගින් බවටද මුලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඉරාන නෞකාව කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් පසු එහි සිටි ඉරාන ජාතික සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගැනීමට නියමිතව තිබෙනවා.
update : Sunday, 24 March 2019 – 11.45
——————————————————————–
රුපියල් බිලියනයක හෙරොයින් රැගෙන ගිය ඉරාන යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට
හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබු ඉරාන යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි ඇති හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 100 කට අධික බවට අනාවරණ වී ඇත්තේ.
නාවික හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් නෞකාව මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් සිටිනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද පස්වරුව වනවිට මෙම නෞකාව කොළඹ වරායට ළඟාවනු ඇති බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමේදී මෙම යාත්‍රාවේ සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා.