Gossips

මුහුද මැද අක්‍රීය වූ නෝර්වේ මගී නෞකාවෙන් 1300 ක් ඉවත් කර ගැනේ

ප්‍රචණ්ඩ කුණාටු වාතාවරණයක් මැද මුහුදේදී අක්‍රීය වූ නෝර්වේ රාජ්‍යයට අයත් වයිකිං ස්කයි නැමැති නෞකාවේ සිටි මගීන් 1300 කට වැඩි පිරිසක් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා හෙලිකොප්ටර් යානා 05 ක් යොදා ගැනීමට සිදුවූ බව සඳහන්.
නෞකාවේ එන්ජිම කාර්මික දෝෂයකට ලක්වීම මෙලෙස එහි බලය අහිමි වීමට හේතුවයි.
සුපිරි නෞකාවේ දිවා ආහාරය ගනිමින් සිටි මගීන් යාත්‍රාව අක්‍රීය වීමත් සමඟ එහි දැඩි කැළඹිල්ලකට මුහුණ දී තිබෙනවා.
ඉන් අනතුරුව හෙලිකොප්ටර් යානා මගින් ඔවුන් ඉවත් කරගෙන ඇත්තේ ජීවිතාරක්ෂක කබා පැළඳවීමෙන් අනතුරුවයි.