Gossips

හෙට සිට විදුලිය කැපීමේ කාලසටහනක් ප්‍රකාශයට පත් කෙරේ

අධික විදුලි ඉල්ලූම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් විදුලි කප්පාදු කාලසටහනක් හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වියලි කාලගුණ තත්ත්වයත් සමඟ විදුලි ඉල්ලූම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, අවශ්‍ය විදුලි සැපයුම අඛන්ඩව ලබාදීමේ ගැටළු මතුව ඇති බවයි.
ඒ අනුව උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටවනු ඇති.
එමෙන්ම පස්වරු 2.30 සිට 5.30 දක්වාත්, පස්වරු 6.30 සිට 7.30 දක්වා හෝ පස්වරු 7.30 සිට රාත්‍රී 8.30 දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ