වයඹ පළාත, මන්නාරම, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල අද දිනයේදී වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කර, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.