Gossips

එජාපෙ නව සන්ධානයේ ව්‍යවස්ථාව පක්ෂ නායකයින්ට

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව මේ වනවිට එහි හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට කටයුතු කර ඇති බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබා ගැනීම සදහා මෙම පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම, නව සන්ධානයේ කටයුතු අයවැයෙන් පසුව කඩිනමින් සිදුවනු ඇති බව ද අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස නව සන්ධානය ලබන මැයි දිනයට පෙර ප්‍රකාශයට පත් කරන බවයි.