Gossips

පුත්තලම විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප

පුත්තලම – අරුවක්කාරු කසළ අංගනයට විරෝධය පළ කරමින් ඊයේ පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් දෙදෙනා ඇපමත මුදාහැරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් ලෙස පුත්තලම වනාතවිල්ලුව අරුවක්කාරු සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදිවෙමින් පවතිනවා.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එක්රැස්වන කසල තම ප්‍ර දේශයට ගෙන ඒමට විරෝධය පළ කරමින් ප්‍රදේශවසීන් අවස්ථා කිහිපයකදීම විරෝධතා පවත්වනු ලැබුවා.
ඒ අනුව ඊයේ දිනයේත් ප්‍රදේශවාසීන් පුත්තලම නගරයේදී විරෝධතාවක නිරත වූයේ ඉදිවෙමින් පවතින කසළ අංගනයට විරෝධය පල කරමින්.
අධිකරණ නියෝගද කඩකරමින් පැවති මෙම විරෝධතාව විසුරුවාහැරීමට පොලිසිය සහ කැරලි මර්ධන ඒකකය බැටන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

rn