Gossips

IS කැරළිකරුවන්ට එරෙහිව ජය ලැබු බව සිරියානු හමුදා කියයි

සිරියාවේ ක්‍රියාත්මක වු අයි එස් කැරළිකරුවන් සතුව තිබු අවසන් බලකොටුව ද අත්පත් කරගත් බව සිරියානු ආරක්ෂක අංශ පවසනවා.
අමරිකා සහය ලබන සිරියානු ආරක්ෂක අංශ මෙම තොරතුරු හෙළිකර ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.
සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජයග්‍රහණය පිළිබඳ හෙළිකර තිබෙනවා.
ජයග්‍රහණයට පෙර අවසන් සටන ඉතා දරුණු ආකාරයෙන් පැවති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම තවදුරටත් සිරියාවේ අයි එස් කැරළිකරුවන් නොමැති බවට අමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර තිබෙනවා.