Gossips

ජනපති ට්‍රම්ප්, උතුරු කොරියානු නව සම්බාධකවලට එරෙහි වෙයි

ඇමරිකානු භාණ්ඩාගාරය මගින් උතුරු කොරියාව ඉලක්ක කරගෙන යෝජනා කර ඇති නව සම්බාධක පෙළක් තමන් අත්හිට වූ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළා.
ඒ, උතුරු කොරියානු නායක කිම් ජොං අන්ට ඔහුගෙන් ප්‍රසාදයක් පළවීම නිසා බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ නමුත්, එම ට්විටර් පණිවුඩය හේතුවෙන් ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට පැහැදිලි කිරීමක් කිරීමට ද සිදුවුණා.
එමගින් සදහන් කළේ උතුරු කොරියාවට එරෙහිව පසුගිය දා පැනවූ සම්බාධක නොව ඉදිරියට පැනවීමට නියමිත සම්බාධක ජනපති ට්‍රම්ප් මෙසේ අත්හිට වූ බවයි.
ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පසුගිය දා වියට්නාමයේ පැවති සමුළුව එකඟත්වයකින් තොරව අවසන් වූයේ ද මෙම සම්බාධක පිළිබද ගැටළුව හේතුවෙන්.