Gossips

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සතියේ

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.
2018 සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4661 කදී පැවති අතර, ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක්.