Gossips

ඉන්දු – ශ්‍රී ලංකා හමුදා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක

ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දියානු හමුදා එක්ව සංවිධාන කරන මිත්‍ර ශක්ති ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය ලබන සඳුදා සිට ආරම්භ වනවා.
එය ලබන මස 9 වනදා දක්වා, දියතලාව කඳවුරේදී පැවැත්වෙන බවයි යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ.
දෙරට නියෝජනය කරමින් මෙම ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය සඳහා යුද හමුදා නිලධාරින් හා සෙසු නිලයන් 120 බැගින් සහභාගි වීමට නියමිතයි.
මේ අතර, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රථමවරට සිදුකරන මහපරිමාණ නාවික අභ්‍යාසයට එක්වීම සඳහා ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කණ්ඩායම අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය ලබන 30 වන දා දක්වා පැවැත්වෙන අතර, එම නාවික අභ්‍යාසයට ඕස්ට්‍රේලියානු යුද නෞකා 4ක් සහ නාවික භටයන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇති.