Gossips

පිහි ඇනුමකට ලක්ව මියගිය පොලිස් නිලධාරිගේ දේහයට පොලිසියේදී අවසන් ගෞරව

පිහි ඇනුමකට ලක්ව සිට මියගිය වරකාපොල පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උපාලි සමරසේකරගේ දේහය ඊයේ (22) රාත්‍රියේ වරකාපොල පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා.
එහිදී ඔහුට බොහෝ පිරිසකගේ අවසන් ගෞරව හිමි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඉන් අනතුරුවයි උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය කෑගල්ල එල්ලකාවල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් තිබෙනවා.
දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට (24) සිදුකිරීමට නියමිතයි.
මේ අතර, පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මියගිය උප පොලිස් පරීක්ෂකවරයා, පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා.