Gossips

පාකිස්තාන දින සැමරුම් ඇරඹේ

නූතන පාකිස්තාන ජන රජය බිහි කිරීමේ ලාහෝර් සම්මුතිය අනුමත වීම සලකුණු කරමින් පාකිස්තානය අද පාකිස්තාන දිනය සමරනවා.
ඒ නිමිත්තෙන් ඉස්ලාමාබාද් අගනුවර හමුදා පෙළපාලියක් පැවැත්වුණු අතර රට පුරා සාම්ප්‍රදායික උත්සව සංවිධාන කර තිබෙනවා.
අගනුවර සැමරුම් උත්සවය ආරම්භ වූයේ ආචාර වෙඩි මුර 31කින්.
අනෙකුත් ප්‍රාන්ත අගනුවරවල ආචාර වෙඩි මුර 21 බැගින් පැවැත්වූ බව සඳහන්.
පාකිස්තාන ගුවන් හමුදා යානා ද අගනුවර පැවති හමුදා සංදර්ශනයට එක්වූ බව එරට මාධ්‍ය සඳහන් කළා.
පාකිස්තානයේ සංචාරයක නිරත වන මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණා.