Gossips

මෙවර ඉන්දීය මහමැතිවරණයේදී මිලියන 21ක් කාන්තාවන්ට ඡන්ද වරම් අහිමි වෙයි

ලබන අප්‍රේල් 11 වන දා සිට අදියර 7කින් පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලැබිය යුතු කාන්තාවන් මිලියන 21කට පමණ එම ඡන්ද වරම අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ලියාපදිංචි ඡන්ද ලැයිස්තුවට වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් මිලියන 451ක් ඇතුළත් විය යුතු වුවද ඊට නිත්‍යානුකූලව ඇතුළත් වී ඇත්තේ මිලියන 430ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන ඉන්දීය කාන්තාවන් පිරිසකට මෙවර ඡන්ද වරම් අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.