Gossips

පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 15 දෙනෙකු සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම මාරුකිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පොලිස් අධිකාරීවරුන් තුන් දෙනෙකු ද මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පිරිස අතරට අයත්.