Gossips

කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ තිබී පිරිමි මළසිරුරක් සොයාගැනේ

කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල සහ තුම්මෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මලසිරුරක් අද (23) උදෑසන පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිමැටියාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවයි මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.