මත් විරෝධී පාගමනක් අතරතුර පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා සිටි වරකාපොල පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි සමරසේකර ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
වරකාපොළ – කෝන්ගොඩ සිට පලමුරේ දක්වා පා ගමන ක්‍රියාත්මක වද්දී මෙලෙස ඔහු පිහි පහරට ලක්වූයේ පසුගිය පෙබරවාරි 21 වනදායි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මියගිය උප පොලිස් පරීක්ෂකවරයා, පොලිස් පරීක්ෂක ධුරයට උසස් කෙරුණු බවයි.
ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.