Gossips

මහබැංකු අධිපති, කෝප් කමිටුවට කැඳවයි

මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුලූ මහබැංකුවේ නියෝජිතයින් පිරිසක් ඊයේ දිනයේදී කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
කෝප් කමිටු සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ බැඳුම්කර සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.
ඒ අනුව, ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමට නව නීති ගෙන ඒම සම්බන්ධයෙන් මහබැංකු නියෝජිතවරුන් කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, නව බැඳුම්කර නිකුත් කිරිමේ ක්‍රමවේදය පැහැදිලි කරන වීඩියෝ පටයක් ද කෝප් කමිටුව හමුවේ ප්‍රදර්ශනය කිරීමට මහබැංකු අධිපතිවරයා ඇතුලූ නියෝජිත පිරිස කටයුතු කර තිබුණා.