Gossips

එජාපයට සහය දක්වන කලාකරුවන් පිරිසක් විපක්ෂ නායක හමුවෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් එක් වූ සාකච්ඡා කිහිපයක් විපක්ෂ නායක කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වුණා.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක්ද එක්ව සිටීම විශේෂත්වයක්.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වුණා.
මේ අතර, කලාකරුවන් පිරිසක්ද විපක්ෂ නායක වරයා සමඟ එම කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එක් වුණා.
කලාකරුවන් අතර එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන කිහිපදෙනෙක් ද සිටිනු දක්නට ලැබුණා.